මඩකළපුව කෝරළේ පත්තු උතුර (වාකරේ) ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස අද (10) තේරී පත්වූ එස්. කෝණලිංගම් වාකරේ පොලිසිය විසින් ඊට පැය කිහිපයකට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින හතරකට කලින් වාකරේ නිවසකදී පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයෙන් තරග කර ඔහු ජය ලැබුවා. අදාල පහර දීම සම්බන්දයෙන් දින දෙකකකට පෙර ග්‍රාම නිලධාරියෙකුද අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා. නිවසක අන්‍ය ජාතිකයෙකු සිටීමේ තොරතුරක් මත එම නිවස තරුණයින් විසින් වටලා පහර දී තිබෙනවා. ඊට අදාල සභාපතිවරයාගේ අනුබලය ලැබී ඇති බවයි පැවසෙන්නේ.
මෙහිදී බරපතල තුවල ලද පුද්ගලයකු මඩකලපුව ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.