Wednesday, January 8, 2025

General line - 0115112241

පොලිසියට පහරදී ගිණි අවි පැහැරගත් සභාපති අත්අඩංගුවට




පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පේ‍්‍රමසිරි මුණසිංහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කදුරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදී ඔවුන්ගේ ගිනිඅවි පැහැර ගෙන යාම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාවකට අදාළවයි. මොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ජය ලැබුවා. 

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට පොළොන්නරුව මහරෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.