Wednesday, January 8, 2025

General line - 0115112241

කතරගම බස්නායක නිළමේගේ රාජකාරි අත්හිටුවයි

චම්ලි ඒකනායක




කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේවරයාගේ රාජකාරි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී කුමාරගේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබීමෙන් අනතුරුවය.

මෙම රාජකාරි අත්හිටුවීම කරන ලද්දේ අදාල පරීක්ෂණය ස්වාධීනව පැවැත්වීම සඳහා බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවේ.  

කතරගම මහා දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේවරයා ලෙස දිල්රුවන් රාජපක්ෂ පත්කොට තිබෙනවා.