Wednesday, January 8, 2025

General line - 0115112241

එමිල් රන්ජන් හා රංගජීව යලි රිමාන්ඩ් - මාධ්‍යවේදීන්ට බාධා

දිනුක් හේවාවිතාරණ / අධිකරණ වාර්තාකරු




වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන එවකට වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කල එමිල් රන්ජන ලමාහේවා සහ පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිව යලිත් ලබන 24 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අද (10) නියෝග කළා.

මෙම නඩුවට අදාළව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් අනුව සැකකරුවන් දෙදෙනා අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන මෙන්ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පරීක්ෂණ වලට අනුව එමිල් රන්ජන් ලමාහේවා සහ නියෝමාල් රංගජිව අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර අද අධිකරණ සංකීර්ණ අසල රැස්ව සිටි පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ සහ බන්ධනාගාර නිලධාරින් පිරිසක ගෙන් මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා එල්ල වුනා. සැකකරුවන් අධිකරණයෙන් පිටතට රැගෙන එන විට ජයාරූප හා වීඩියෝ ගැනීමට ඉඩ නොදී බාධා කල බවයි වාර්තා වන්නේ.