Wednesday, January 8, 2025

General line - 0115112241

ලබන 16 තෙක් කාලගුණයෙන් අනතුරු ඇගවීමක් - වැඩිම වර්ෂාපතනය යටියන්තොටින්

තරංග රුක්ෂාන් ජයසේකර




ගතවු පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය මිලිමීටර 106.8 ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකින් ගිගිරුම් සහිත වැසි වාර්තා වී තිඛෙනවා. 

මීට අමතරව රත්නපුර, පොළොන්නරුව, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද වැසි වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. සවස් කාලයේදී තවදුරටත් වැසි අපේක‍ෂා කරන බවද ප්‍රකාශ කෙරුණා. 

මේ අතර ලබන 16 වනදා තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කදුකර ප්‍රදේශවලට මිලිමිටර සියයක පමණ තද වැසි අපේක‍ෂා කරන බවයි ප්‍රකාශ කෙරුණේ. ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ තද සුළංද ඇති විය හැකියි. අකුණු අනතුරු අවම කර ගැනීම සදහා පියවර ගන්නා ලෙසයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.