Wednesday, January 8, 2025

General line - 0115112241

ගාල්ල මහනගර සභාවේ මංගල රැස්වීම උණුසුම් වෙයි

ලලිත් චාමින්ද




ගාල්ල මහනගර සභාවේ මංගල සභා රැස්වීමද අද (10) උණුුසුම් මුහුණුවරක් ගත්තා. ඒ, භාෂා පරිවර්තන ගැටළුවක් මුල්කර ගනිමින්. මන්ත්රිවරුන් සභාවේ උණුසුම් අයුරින් හැසිරීම හේතුවෙන් රැස්වීම විනාඩි 10 කට කල් තැබීමටද සිදු වුණා. 

භාෂා පරිවර්තකයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දී ඇත්තේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරියක් විසින්. ඒ අවස්ථාවේ නැගී සිටි උප නගරාධිපතිවරයා ඉංග්‍රීසි භාෂා පරිවර්තක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකුද දෙමළ භාෂා පරිවර්තක ලෙස එක්සත් ජාතික පක‍ෂ මන්ත්‍රිවරයෙකුද යෝජනා කළා. 

නාගරික මන්ත්‍රිවරුන් භාෂා පරිවර්තකයින් ලෙස නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයෙක් විරෝධය පළ කිරීමත් සමගයි සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණේ.