ආණ්ඩුව ඉදිරියට පත්වාගෙන යන ආකාරය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර එම සාකච්ඡාව පවත්වනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ. ඔහු මෙම අදහස් පළ කළේ අද (10) පැවති කැබිනට් රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් නොමැතිව කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් පසු පැවති පළමු කැබිනට් රැස්වීම ද මෙයයි.
ශ්‍රී ලංකා නිදහස් පකෂයේ අමාත්‍යවරුන් අද පැවති කැබිනට් රැස්වීම වර්ජනය කළේ ඊයේ (09) පැවති මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.