Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න පත් වෙයි (PHOTOS)




ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 25 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්වුනා.
සමස්ත සෞඛ්‍ය පරිපාලකයින් නියෝජනය කරන මෙම වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න තේරී පත් කෙරුනා. 

ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක බෝනොවන රෝග පාලනය සදහා වන වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් මෙන්ම වැඩි ඵලදායි තත්ත්වයකින් ඉදිරියට ගෙන යන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මෙහිදී පවසා සිටියා. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කරන බවට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා. 

ශ්‍රි ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සහායත් මේ සදහා හිමිවන බැවින් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව බෝනොවන රෝග පාලන වැඩපිළීවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට හැකි බව ද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය පැවැසුවාය.

මෙම උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරුන්ට, හිටපු ලේකම්වරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට සමරුඵලක පිළිගන්වන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Dr Tedros Adhanom Ghebreyesus, කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං ඇතුලු වෛද්‍ය පරිපාලකයින් රැසක් එක්ව සිටියා.