පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ, 2014 වර්ෂයේ ක්‍රීඩා අමාතයවරයා ලෙස කටයුතු කළ සමයේ ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමේදී රුපියල් 53000,000 අධික මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.
ඊට අදාලව තමා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මන්තී‍්‍රවරයා මීට පෙර ගොනු කළ රිට් පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අයුක්ති සහගත ලෙස තමාට අදාළ පරීක්ෂණය මෙහෙයවන බව චෝදනා කරන මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේදී කැරම් බෝඩ් 14,000 ක් සහ දාන් බෝඩ් 11,000 ක් මිලදී ගැනීමේ දී සිදු වී ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරනවා.