Wednesday, January 8, 2025

General line - 0115112241

බලපෙරළි සමග උණුසුම් වූ පළාත් පාලන ආයතන රැස්වීම

තරංග රුක්ෂාන් ජයසේකර / සමන් විජය බණ්ඩාර




පළාත් පාලන ආයතන කිහිපයක අද (10) දිනයේදී බලපෙරළි සිදුවුණා. කිසිදු පක‍ෂයකට බහුතර බලයක් හිමි නොවූ ගම්පොල උඩ පළාත ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සමත් වුණේ එක්සත් ජාතික පක‍ෂයේද සහාය ඇතිවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර බලය දිනාගත් සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක‍ෂය අද හිමිකර ගත්තා. ඒ, ශ්‍රී  ලංකා නිදහස් පක‍ෂයේද සහාය ඇතිවයි. 

මේ අතර පළාත් පාලන ආයතන කිහිපයක මංගල සභා වාරයන් අතරතුර අද උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. වත්තල ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේ ආසන ගැටළුවක් මුල්කර ගනිමින්. මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මංගල සැසි වාරයේද අද ඇති වුයේ උණුසුම් තත්ත්වයක්. ඒ, සභාපතිවරයා තෝරා ගැනීමට ඉකුත්දා පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක‍ෂයට සහාය පළ කළ නිදහස් පක‍ෂයේ මන්තී්‍රවරියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනාට විරෝධය පළ කිරීමත් සමගයි.