ඩෙඩ්පුල්, ක්ලොවර්ෆිල්ඩ් ඇතුළු හොලිවුඩ් චිත්‍රපට හා රුපවාහිනි නාට්‍ය මාලා රැසක විකට නළුවෙක් ලෙස රගපෑ හොලිවුඩ් නළු ටි ජේ මිලර්, අමෙරිකාවේ නිව්යෝක් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු දුම්රියේ ගමන් කරමින් සිටියදීම එහි බෝම්බයක් ඇතැයි පවසමින් සිතාමතාම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නොමග යැවීමේ චෝදනාවටයි.
වොෂින්ටන් හි සිට නිව්යෝර්ක් බලා ගමන් කරමින් තිබු දුම්රියක තමා ගමන් කරමින් සිටින බවත් තමා සිටින මැදිරියේ " රතු පැහැති කොණ්ඩයක් සහිත රතු පැහැති ස්කාෆයක් පැලද සිටින කාන්තාවක් තම බෑගය තුල බෝම්බයක් තබා ගෙන සිටින බවත් තමා ඇතුළු දුම්රියේ ගමන් කරන මගීන්ගේ ජීවිතයන් මේ වන විට දැඩි අවධානමක පවතින බව" ඔහු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා තිබුණා.
මෙම හොලිවුඩ් නළුවාගේ එම දුරකථන ඇමතුමත් සමග එෆ්බිඅයි හදිසි ප්‍රහාර හා බෝම්බ නිෂ්ක්‍රිය ඒකකය, මෙට්ට්රෝපොලිටින් දුම්රිය ආරක්ෂක ඒකකය හා තවත් පොලිස් කණ්ඩායම් රැසක් නිවියෝර්ක් දුම්රිය ස්ථානයේදී එම දුම්රිය පරික්ෂා කොට අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පරික්ෂා කලත් කිසිදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.
පසුව පොලිසිය විසින් කල විමර්ශනයකදී හෙළිවී ඇත්තේ බිමත්ව සිටි හොලිවුඩ් නළු ටි. ජේ. මිලර් උවමනාවෙන්ම ආරක්ෂක අංශ නොමග යැවීමේ අරමුණින් මෙලෙස ක්‍රියාකර ඈති බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුට අධිකරණයෙන් දැනට ඇප නියමකර තිබෙනවා. චොදනාවලට වැරදිකරු වුවහොත් ඔහුට වසර 05 ක සිර දඩුවමක් නියම වීමට නියමිතයි.