Wednesday, January 8, 2025

General line - 0115112241

උත්සව සමයේ කළ වැටලීම

නිශාන් ද සිල්වා 




සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් වැටලීම් මාලාවක් දියත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ මේ වනවිට වැටලීම් 2000 ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි. 

එහිදී හඳුනාගත් නීති විරෝධි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවද ඔහු කියා සිටියා. මෙම වැටලීම් ඉකුත් මාර්තු මස 25 වන දින සිට ක්‍රියාත්මක කෙරුණා. 
එදින සිට අප්‍රේල් මස 15 වනදා දක්වා සුරාබදු නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කර ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ. මේ අතර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලූ සුරාසල් වසා තැබෙනවා.