සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය ඉදිරියේදී එළඹුන ද එය නොතකමින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සන්ධානය පවසනවා. එහි සම කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ පැවසුවේ වර්ජනයේ නිරත සිය සාමාජිකයින් අලූත් අවුරුදු සමයේදී ආර්ථීක ගැටළු රැසකට මුහුණ දුන්නද එය නොතකමින් වර්ජනය ක්‍රියාත්මක කිරීමට සිය වෘත්තීය සමිති එකඟතාව පළ කර ඇති බවයි. ඊයේ (10) දිනයේ ද ජනාධිපතිවරයාට මේ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇති බවද ඔහු කියා සිටියා.