Wednesday, January 8, 2025

General line - 0115112241

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ගැන සකර්බර්ග්ගෙන් පැහැදිළි කිරීමක් (VIDEO)




සමාජ මාධ්‍ය ජාලය ගසා කෑමට උත්සහ දරණ රුසියානු ක්‍රියාකරුවන් සමග තම සමාගම නිරන්තර අරගලයක යෙදී සිටින බව ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසනවා.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් සභිකයින් ඉදිරියේ ඔහු ඒ බව කියා සිටියා. 

ෆේස්බුක් සමාගමේ කාර්ය මණ්ඩලය මෙලෙස ප්‍රශ්න කිරීම්වලට භාජනය කෙරුනේ, 2016 වසරේ පැවති අමෙරිකානු ජනපතිවරණයේදී ඊට රුසියාව මැදිහත් වූ බවට අනාවරණය වීමෙන් අනතුරුවයි.

මෙහිදී ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් තවත් අනාවරණයක් සිදු කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සිය සමාගමට විශාල ගැටලුවක් වී ඇති බවත් ඒවා හඳුනා ගැනීමට සිය නිලධාරීන්ට වඩාත් මහන්සි වන්නට සිදුව ඇති බවයි. කෙසේවෙතත් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විවිධ මෙහෙයුම් පද්ධති අඳුන්වා දෙන්නට කටයුතු කරමින් ඇති බවත් සඳහන් කර තිබෙනවා.

සිය සමාගම එම ව්‍යාජ ගිණුම් හඳුනා ගැනීමේ මෙහෙයුම් පද්ධතිය මේ වන විට නිර්මාණය කරමින් සිටින බවද පෙන්වා දුන්නා.