නව කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද (12) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර සදහායි.
ඒ අනුව ආචාර්ය සරත් අමුණුගම ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙසයි. රංජිත් සියඹලාපිටිය ආපදා කළමණාකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර කී‍්‍රඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ෆයිසර් මුස්තාෆායි. මලික් සමරවික්‍රම සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේදි දිවුරුම් දුන්නා.
මෙම පත් කිරීම් තාවකාලිකව සිදුකරන ලද්දක් වන අතර සිංහල හා දෙමළ අලූත් අවුරුද්දෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
............................................................................................................................................................
වැඩ බලන ඇමතිවරු දිවුරුම් දීම සවස 5ට (UPDATE) ( 12-04-2018 14:28)
ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යධූර සඳහා වැඩ බලන ඇමතිවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 5.00 මෙම දිවුරුම් දීම සුදුවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
වැඩබලන අමාත්‍යවරුන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති.
--------------------------------------------
අද (12) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය කල් දැමීමට තීරණය වී තිබෙනවා.
නව කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් අද (12) පස්වරුවේ දිවුරුම් දීමටයි මීට පෙර නියමිතව තිබුණේ.
විෂය පඨය බෙදීම් ගැටලුවක් හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුවන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
-----------------------------
නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද දිවුරුම් දෙයි
(12-04-2018 12:30)
නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද (12) පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද දිවුරුම් දෙනු ඇති බවයි පැවසෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ලබන 23 වැනිදා සිදු වනු ඇති. කෙසේ වෙතත් අමාත්‍ය මලික් සමරවික්‍රම සමෘද්ධි සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන අමාත්‍ය ධුරවල වැඩබලන ඇමතිවරයා ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් නොවූ 23 දෙනාගේ කණ්ඩායමේ 17 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක ද නිරත වුණා. කෙසේ වෙතත් විජිත් විජයමුණි, කාදර් මස්තාන්, අංගජන් රාමනාදන් ඇතුළු කිහිප දෙනෙක් ඊට සහභාගී වී නැහැ. මෙම සාකච්ඡාවෙන් පසු දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයා මුණගැසුණු බවයි රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි නෙත් නිවුස් වෙත කියා සිටියේ.