Friday, January 10, 2025

General line - 0115112241

ඉරහඳ සාක්කි දෙයි නව කතාව දොරට වැඩුම ජනවාරි මස 26වනදා




මහින්ද දළුගොඩආරච්චි ලියු 87/89 ඉරහඳ සාක්කි දෙයි නව කතාව ජනවාරි මස 26වන දින දොරට වැඩුමට නියමිතව තිබෙනවා 

ඒ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ශ්‍රවණාගාරයේදී 

මෙම නව කතාව දොරට වැඩුම පිළිබඳව මහින්ද දළුගොඩආරච්චි තම ෆේස්බුක් ගිණුම තුල සටහනක් තබා තිබුනා

එම සටහන පහතින් 


උපුටා ගැනීම 

" මගේම කියල පොතක් ප්‍රකාශයට පත් කරන්න, මගේම කියල ප්‍රකාශන ආයතනක් ආරම්භ කරන්න මට ලොකු සිහිනයක් තිබුණා. 

ප්‍රකාශන ආයතනයක් ලියාපදිංචි කර වසර ගණනාවක් බලා සිටියා.  

ඒත් උත්සහය අත් හැරියේ නැහැ. 

මගේ බිරිඳගේ සහ දරුවන්ගේ සහායෙන් මගේ පළමු පොත දළුගොඩ ප්‍රකාශනයක් ලෙස මෙයට වසර දෙකකට පෙර එළිදක්වන්න පුළුවන් වුණා. 

දළුගොඩ ප්‍රකාශනයක් ලෙස එළිදක්වන මගේ දෙවන පොත මගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා මා සිතනවා.

1987- 1989 භීෂණයේ උග්‍ර අවස්ථාවේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. 

දහස් ගණනක් දෙනා එකම අරමුණක් වෙනුවෙන් ජීවිත පූජා කරද්දී මා ද සිටියේ එම අරමුණේමයි. 

මා අමාරුවෙන් ජීවිතය බේරා ගත්තත් මගේ හොඳම මිතුරා මරණයට ගොදුරු වුණා. 

පසු කාලයේ උදාර අරමුණක් වෙනුවෙන් ජීවිත පූජා කළ සොයුරු සොයුරියන් පිළිබඳව හා ඒ ආශ්‍රිත සිදුවීම් ගැන මා වසර දහයකට වැඩි කාලයක් තොරතුරු එක්රැස් කළා. 

කෲර මර්දනයට හසුව මරා දැමූ සොහොයුරන් පිළිබඳව නොයෙක් නිර්මණ හා ලිපිවලින් හෙළිදරව් වී තිබෙනවා. 

එහෙත් සොහොයුරියන්ගේ උදාර කැපවීමට සාධාරණයක් ඉෂ්ට වී නැති බවයි මගේ හැඟීම.

 ජීවිත පරිත්‍යාගයෙන් උදාර කැපවීම් කළ සොහොයුරියන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට මා උත්සාහ කළා.

"ඉර හඳ සාක්කි දෙයි" නවකථාව එහි ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එනවා. 

එය සැබෑ මිනිසුන් අතරට ගෙනයාම සඳහා ශක්තිය ධෛර්යය ලබා දෙන්න."


උපුටා ගැනීම අවසන්