පකිස්තානයේ බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව ඉකුත් අඟහරුවාදා නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 දී පකිස්තානය තුළ අතුරුදහන් වූවන් පිළිබඳ නව සිද්ධීන් 379 ක් වාර්තා වී ඇතැයි පැවසෙනවා.
2011 දී අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සහ විසඳීම සඳහා පිහිටුවන ලද කොමිසම, එම වසර තුළදී සමස්ත නඩු 427 ක් සකස් කර ඇති බව ද අනාවරණැ වුණා.
2024 දෙසැම්බර් වන විට කොමිසමට නඩු 10,467ක් ලැබී ඇති අතර ඉන් නඩු 8,216ක් විසඳා ඇති බවයි පකිස්තානයේ බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
එලෙස අතුරුදන්ව සිටි පුද්ගලයන්ගෙන් 6,599 ක් යළි හමුවී ඇති අතර, නඩු 1,617 ක් අවසන් කර තිබෙනවා.
නඩු 2,251 ක් තවමත් විභාග කර අවසන් නොමැති බවයි වාර්තා වන්නේ.
විසඳන ලද නඩු අතරින්, පුද්ගලයන් 4,613 ක් ඔවුන්ගේ පවුල් වෙත ආපසු භාර දී තිබෙනවා.
1,011 ක් නේවාසික මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර 687 දෙනෙකු බන්ධනාගාරවල රඳවා සිටි අතර 288ක් මිය ගිය බව තහවුරු වී තිබෙනවා.