Friday, January 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වෙනස ගැන හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුගෙන් සටහනක්




වෙනසක් සිදුවෙමින් පවතින බවත් මෙම විනය මේ ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා නීතීය තදින් සමානව ක්‍රියාත්මක කරන ලෙස  මෙරට කීර්තිමත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා.

තම නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියා 

උපුටා ගැනීම 

"වෙනසක් සිදුවෙමින් තිබේ ( Citizen Audit ).. 

මේ කොලඹ පිටකොටුවේ ඕල්කෝට් මාවත අද දහවල් දොලහට දිස් උන ආකාරයයි. 

කොටුව ස්ටෙෂන් එකෙන් එලියට ඇවිත් හොරණ AC බස් එකක් ගැනීමට බස් නැවැතුමට ඇවිදයාමට සිදුවිය. 

මගීන් පදික වේදිකාවේ ඇවිද යයි. බස් මග නවත්වන්නෙ නැත. 

මේ නිසා බස් වලට අවාසියක් වෙන්නෙ නැත. 

මගීන් ඔබගේ බසයට බස් නැවතුමේ සිට ගොඩ වෙනු ඇත. 

පොලිසියෙ මහත්වරුණි මේ විනය මේ ආකාරයෙන් පවත්වා ගෙන යාම්ට මාස තුනක් නෙවෙයි අවුරුදු පහක් නීතීය තදින් සමානව ක්‍රියාත්මක කරන්න . 

අනිවාර්යයෙන්ම අපේ රටේ හැම මනුස්සයෙක් ම බුද්ධිමත් . 

මේ රටට ආදරෙයි .. 

මේ විනය පවත්වා ගෙන යාමට උදව්කරන මගීන් පදිකයන් හා වාහනවල රියදුරු කොන්දොස්තර මහත්වරුන් සැමට ගොඩාක් ස්තුතියි . 

ආදරෙයි. "

උපුටා ගැනීම අවසන්