පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන් කළුතර, මිල්ලකන්ද ප්‍රදේශයේ හා ඒ අවට පහත් බිම් වල සිටින ජනතාව මේ පිළිබඳව අවදානයෙන් සිටින්නැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
....................................................................................................................................
ඉදිරි පැය 06 තුළ අකුණු සහිත කාලගුණ තත්ත්වයක් (12-04-2018 16:15)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත් වලට ඉදිරි පැය 06 ක කාලය තුල ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
වර්ෂාවත් සමග පැයට කිලෝමීටර් 70-80 ත් අතර වේගයෙන් සුළං ඇතිවන අතර අකුණු ගැසීම් ඇතිවන බැවින් මහජනතාව අකුණු අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා.