පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා තේරී පත්ව තිබෙනවා.
ඔහු එම තනතුර සඳහා ඒකමතිකව තේරී පත්ව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 02ට පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම පත් කිරීම සිදුව තිබෙනවා.