Thursday, January 9, 2025

General line - 0115112241

තනි ආණ්ඩුවක් පිහිටුවීමට එජාපයට ඉඩදිය යුතු බව ශී‍්‍රලනිප දහසයේ කණ්ඩායම කියයි

දිල්ශාන් තුෂාර




ජාතික රජයෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් කරගෙන යාමට එක්සත් ජාතික පක්‍ෂයට අවස්ථාව ලබාදීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ යුතුකම වන බව හිටපු අමාත්‍ය එස් බි දිසානායක පවසනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය ජය ගෙන තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පවතින බවට ඔවුන් පෙන්වා තිබෙනවා. ඊට අමතරව 2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩුවක් පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන වුනා. ඒ නිසා ඔවුන්ට තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් කරගෙන යාමට ඉඩදිය යුතු බවයි මෙහිදී හිටපු අමාත්‍ය එස්.බි. දිසානායක කියා සිටියේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවේ අරමුණු ඉටුකරගත නොහැකි බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.