නව වැඩපිළිවෙලක් ඔස්සේ රට ඉදිරියට ගෙන ගොස් ජනතාව මුහුණපා ඇති ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග තමන් සාකච්ඡා කළ බවත් එම නව වැඩපිලිවෙල ළගදිම කි‍්‍රයාවට නංවන බවත් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තලවතුගොඩ ලේක්වීව් රෙසිඩන්සීස් නිවාස යෝජනා ක‍්‍රමයට මුල්ගල් තැබීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින්.