Thursday, January 9, 2025

General line - 0115112241

කොටස් වශයෙන් කරන කැබිනට් සංශෝධන වලින් රටට සෙතක් නැහැ - දිනේෂ් ගුණවර්ධන

සමන්ත කුමාර / ලහිරු කපුගේ




වරින්වර කොටස් ලෙස සිදුකරන කැබිනට් සංශෝධනවලින් රට නිසි මගට ගත නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ හය දෙනෙකු වෙනුවට ඊයේ (12) වෙනත් පිරිසක් එම අමාත්‍ය ධුරවල දිවුරුම්දීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගනු ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.

විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදී අමාත්‍ය ධුරවලින් ඉවත් වූ කණ්ඩායමෙන්ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසිමක් කළා. ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසුවේ යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මෙයම අවස්ථාවක් කර ගතයුතු බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන්ද විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර එහිදී පැවසුවේ ඊයේ සිදුකෙරුණු කැබිනට් සංශෝධනය සමග එක්සත් ජාතික පක්‍ෂයේ බලය තවත් වැඩි වූ බවයි. 

උදාවන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දෙන් පසු කැබිනට් මණ්ඩලයේ පූර්ණ සංශෝධනයක් සිදුවනු ඇතැයි ද විශ්වාසය පළ වනවා.