Thursday, September 19, 2024

General line - 0115112241

ඉදිරි පැය කිහිපය තුළ කාලගුණයේ වෙනසක්




ඉදිරි පැය 08ක කාලය තුළ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි, ප‍්‍රභල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු මැද යන පළාත්වලටයි එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. අකුණු අනතුරු අවමකර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
.