Thursday, September 19, 2024

General line - 0115112241

මිරිස්ස වෙරළේදී විදේශිකයින්ට පහරදුන් සිව්දෙනෙකු අත්අඩංගුවට

චන්දික ලියනගේ




මිරිස්ස වෙරළ තීරයේදී විදෙස් සංචාරකයින් පිරිසකට පහරදුන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුද්ගලයෙකු පොලීසියට ලබා දුන් තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි.

පසුගිය 08වනදා අලූයම මිරිස්ස වෙරළ තීරයේ පැවැති සාදයක් අතරතුර මෙම පහරදීම සිදුව තිබෙනවා. අනතුරුව විදේශිකයින් පිරිස එම ප‍්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් පිරිස මිරිස්ස ප‍්‍රදේශයේම පදිංචිකරුවන්. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.