Thursday, September 19, 2024

General line - 0115112241

මතින් තොරව අවුරුදු සමරන්නැයි ඉල්ලිමක් - ගිනිකෙළි භාවිතය ගැනත් උපදෙස්

ඩිල්ෂාන් මඩවල / පසන් වික්‍රමතිලක




සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සැමරිම සඳහා ගිනිකෙළි භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත්වන්නැයි නැවත ඉල්ලිමක් කෙරෙනවා.  ගිනිකෙළි දැල්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුුහුණු කිරීමේ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යාණිද සොයිසා මෙලෙස පැහැදිළි කළා. ගිනිකෙළි පත්තු කිරීමේදී ඒවා අතේ තබාගෙන පත්තු නොකරන ලෙසත් , සැමවිටකම ආරක්‍ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් ගිනිකෙළි පත්තු කිරීමෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගත හැකි බව ඇය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව අලූත් අවුරුද්ද සැමරීම තුළින් එහි සැබෑ සතුට භුක්ති විඳිය හැකි බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. මේ එහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී අමරනාත් තැන්න. 

මද්‍යසාර භාවිත කිරීමෙන් සතුටක් ලබා ගත හැකි බවට ඇතැම් පුද්ගලයින් විශ්වාසකළද එමගින් සැබෑවටම සිදුවන්නේ සතුට විනාශ විම බවද ඔහු කියා සිටියා. විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙනවා මධ්‍යසාර මගින් මිනිසෙකුගේ ශරීරයේ සතුට ඇතිකරවන කිසිම දෙයක් අඩංගු නැහැ කියලා.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අවුරුදු සැමරීමෙන් අත්වියහැකි හානිදායක ප‍්‍රතිපල 2ක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී 
රුවන් ගුණසේකරද පැහැදිළි කළා. එනම් මත්ද්‍රවය භාවිතා කර රිය පැදවීම තුලින් රිය අනතුරු ඇති විය හැකි බවත් කලහාකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කර සිටියා. එවැනි දේවල් අවම කර ගැනීම සඳහා අලූත් අවරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බවත් කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පාමුර සංචාරයන් පවා වැඩිකර ඇති බවයි ඔහු ප‍්‍රකාශ කර සිටියා.