Thursday, September 19, 2024

General line - 0115112241

හමුදාව සතුව තිබු ඉඩම් අක්කර 683ක් මුල් පදිංචිකරුවන්ට

මාධව කුලසුරිය




ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 683ක් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබා දීම අද (13) සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකගේ ප‍්‍රධානත්වයෙන්. යුද්ධයෙන් අවතැන්වී කඳවුරු තුළ ජිවත්වූ යාපනය වලිකාවම් උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජනතාව වෙතයි එම ඉඩම් පිරිනැමුණේ.

වලිකාමම් උතුරු ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 05ක පවුල් 964කට අයත් පුද්ගලයින් වෙනුවෙන් අදාළ ඉඩම් පවරාදීම සිදු කෙරුණා. යුද්ධය හේතුවෙන් එම ඉඩම් වලින් මුල් පදිංචිකරුවන් ඉවත් කර තිබුණේ 1990 වසරේදීයි.