Monday, May 6, 2024

General line - 0115112241

නෙත් කෝකිල වසන්තය සාර්ථකව අවසන් (PHOTOS/UPDATE)




නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය සහ මෙගා ෆයර් සංගීත ප‍්‍රසංගය ජනතා ප‍්‍රසාද මැද අද අළුයම නිමාවට පත් වුණා.  

----------------------------------------------------

 නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළියේ උණුසුම් කොට්ට පොර තරග ඇරඹෙයි

20-04-2018 17:14

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය අකුරැස්ස නව බස් නැවතුම්පොළ ක‍්‍රිඩාංගනයේදී අද (20) දවසපුරා පැවැත්වෙනවා. ජන ක්‍රීඩා සමග තරග ඉසව් රැසක් මෙහිදී පැවැත්වෙනවා. ජයග‍්‍රාහකයින්ට වටිනා ත්‍යාගද හිමිවනවා.

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළියේ තවත් සුවිශේෂී තරග රැසක් මේ මොහොත වනවිට පැවැත් වෙමින් තිබෙනවා. ඒ කොට්ටා පොර හා සංගීත පුටු තරගයයි.

.................................................................................................................................................................................................

නෙත් එෆ්.එම් කෝකිල වසන්තයයේ තරඟ සඳහා දරු දැරියන්ගේ ඉහල සහභාගිත්වයක් (20-04-2018 15:54)

නෙත් එෆ්.එම් කෝකිල වසන්තයයේ කුඩා දරුවන්ගේ සහභාගිවූ තරඟ ඉසවු කිහිපයක ජයාරූප කිහිපයක් පහතින්.

-------------------------

කිලෝමීටර් 136ක දුරකින් යුත් පාපැදි තරගයේ ජයග්‍රාහී අවස්ථාව

 

-----------------------------------------------------------

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය හේතුවෙන් අකුරැස්ස පුරවරයම සැණකෙළි සිරියක් ගෙන තිබෙනවා. නව බස් නැවතුම්පොළ ක‍්‍රිඩාංගනයේ දී අද (20) පෙරවරුවේ බක්මහ සැණකෙළිය ආරම්භ වූ මොහොතේ සිට අති විශාල ජන සහභාගීත්වයක් දැකගන්නට ලැබුණා.

 

-------------------------------------------------

ලන්කා සෝයි කනා මුට්ටිය බිදීම

 

---------------------------------------------------

එඩින්බරෝ "හැන්ද මත තක්කාලි ගෙඩිය තබාගෙන දිවීමේ" තරගය

 

------------------------------------------------------

ලංකාවේ ප්‍රථම වතාවට ලිස්සන ගස් තුනක් එක තැන - නෙත් කෝකිල වසන්තය අකුරැස්ස 

.20-04-2018 11:05

ලංකා සෝයි ලිස්සන ගස්. ලංකාවේ ප්‍රථම වතාවට ලිස්සන ගස් තුනක් එක තැන තිබීම මෙහි විශේෂත්වය වනවා.

 

නෙත් එෆ් එම් කෝකිල වසන්ත පාපැදි තරගය සහ කාන්තා සහ පිරිමි මැරතන් තරග ආරම්භ වුණා. සමාරම්භක උත්සවය ආරම්භ කෙරුනේ ආගමික වතාවත්වල නියැලෙමින්. 

 

එම අවස්ථාවන්හි ඡායාරූප පහතින් බලන්න.

 

 

නෙත් එෆ් එම් කෝකිල වසන්තය අද 

20-04-2018 07:06

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය අකුරැස්ස නව බස් නැවතුම්පොළ ක‍්‍රිඩාංගනයේදී අද (20) දවසපුරා පැවැත්වෙනවා. ජන ක්‍රීඩා සමග තරග ඉසව් රැසක් මෙහිදී පැවැත්වෙනවා. ජයග‍්‍රාහකයින්ට වටිනා ත්‍යාගද හිමිවනවා.

තරග අවසානයේ සනිධප සංගීතවත් කරන සංගීත රාති‍්‍රය ආරම්භ වීමට නියමිතයි. 

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය සංවිධානය කෙරෙන්නේ අකුරැස්ස පොලීසිය, වෙළද සංගමය, ප‍්‍රාදේශීය සභාව සහ තවත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන්.

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළි සඳහා රත්තී කිරිපිටි, එඩින්බරෝ, ලංකා සෝයි, සමපෝෂ හා ඩයලොග් අනුග‍්‍රාහකත්වය ලබා දෙනවා. 


 

-------------------------------------

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය අකුරැස්ස නව බස් නැවතුම්පොළ ක‍්‍රිඩාංගනයේදී හෙට (20) පැවැත්වීම සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන්. 

නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළිය සංවිධානය කෙරෙන්නේ අකුරැස්ස පොලීසිය, වෙළද සංගමය, ප‍්‍රාදේශීය සභාව සහ තවත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන්. නෙත් කෝකිල වසන්තය බක්මහ සැණකෙළි සඳහා රත්තී කිරිපිටි, එඩින්බරෝ, ලංකා සෝයි, සමපෝෂ හා ඩයලොග් අනුග‍්‍රාහකත්වය ලබා දෙනවා. 
--------------------------------------------------

නෙත් එෆ් එම් කෝකිල වසන්තයට එක්වන්න ඔබ සැමට ඇරයුම් 

19-04-2018 09:06

අකුරැස්ස නව බස් නැවතුම්පල ක‍්‍රිඩාංගනයේදී හෙට (20) පැවැත්වෙන කෝකිල වසන්තය බක් මහ සැනකෙලියට සම්බන්ධ වී උදාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුටින් සමරන ලෙස සියලූ දෙනාට ආරාධනාවක් කෙරෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව මෙම බක්මහ සැනකෙළිය සංවිධාන කරන්නේ අකුරැස්ස වෙළද සංගමය, අකුරැස්ස පොලීසිය සහ ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනවලද සහයෝගයෙන්.

හෙට පැවැත්වෙන නෙත් කෝකිළ වසන්තය අවසානයේ සංවිධාන කර ඇති සංගීත ප‍්‍රසංගය සනිධප වාද්‍ය වෘන්දය විසින් සංගීතවත් කරනවා. ජනප‍්‍රිය ගායක ගායිකාවන් රැසක්ද ඊට සහභාගී වීමට නියමිතයි.  
 

 

-----------------------------

නෙත් එෆ් එම් කෝකිල වසන්තය අකුරැස්සට

(18-04-2018 06:06)

 

අකුරැස්ස නව බස්නැවතුම්පළ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නෙත් එෆ් එම් කෝකිල වසන්තය බක්මහ සැණකෙලිය සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම්. බක් මහ සැණකෙලිය පැවැත්වෙන්නේ සිකුරාදායි (20) යි.

උදෑසන සිට තරග රැසක් පැවැත්වීමට නියමිතයි. බයිසිකල් ධාවන තරගය, මැරතන් ධාවන තරගය හා අවුරුදු කුමරිය තරගය සඳහා කල්වේලා ඇතිව ලියාපදිංචි වීම වඩාත් සුදුසු වනවා.

එමෙන්ම බයිසිකල් ධාවන තරගය හා මැරතන් ධාවන තරගය සඳහා වෛද්‍ය සහතිකද කල්වේලා ඇතිව ලබා ගත යුතුයි. බක්මහ සැණකෙළියේ තරග අවසානයේ සනිධප සංගීත කණ්ඩායම සංගීතවත් කරන සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා.