Friday, September 20, 2024

General line - 0115112241

අද හවසටත් වහිනවලු




අද (18) පස්වරුවේත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ, නැගෙනහිර සහ නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවලට ඇතැම්විට උදෑසන කාලයේත් වැසි  ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ සහ මධ්‍යම යන පළාත්වලට මිලි මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂිතයි.  ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙනවා.