Friday, September 20, 2024

General line - 0115112241

හැටන් වටවල වතුයායේ දෙපිරිසක් අතර ගැටුමකින් එක් අයෙකු මරුට

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් වටවල වතුයායේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිව් දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බීමත්ව පැමිණි දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති අතර එහිදී දෙපාර්ශවය ගල් ප්‍රහාර එල්ල කරගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී තවත් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළා.