Friday, September 20, 2024

General line - 0115112241

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයේ ගින්න ගැන පරීක්ෂණ

ලලිත් චාමින්ද - ගාල්ල




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය තුළ ඇතිවූ ගිනි ගැනීම පිළිබඳ විවර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ගිනි ගැනීමට හේතු අනාවරණ කර ගැනීම එහි ප්‍රධාන අරමුණයි.

ගිනි ගැනීම සිදුවුයේ සේවකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන්ද නැතහොත් වෙනත් කරුණක් නිසා දැයි එහිදී සොයා බලනු ඇති. රසායානාගාරයේ ගිනි ගැනීමට ලක්වූ ස්ථානය රස පරීක්ෂකවරයා විසින් පරික්ෂා කරනු ලැබ ඇති අතර එහි වාර්තාවද ඉදිරියේදී ලැබීමට නියමිතයි.