Friday, September 20, 2024

General line - 0115112241

සීදූව පෞද්ගලික බැංකුව කොල්ලකෑ පුද්ගලයා සොයා මෙහෙයුමක්




සීදූව නගරයේ පෞද්ගලික බැංකුවක අද පෙරවරුවේ සිදවූ කොල්ලය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. පෙරවරු 09.05ට පමණ මෙම කොල්ලය සිදු කරනු ලැබ ඇත්තේ යතුරු පැදි හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින්.

සැකකරු සතුව පිස්තෝලයක් වැනි යමක් තිබු බවද පොලීසිය පවසනවා. ඔහු කොල්ලකන ලද මුදල් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුද හඳුනාගෙන නොමැති බවයි පොලීසිය පැවසුවේ. කොල්ලකරු සොයා විශේෂ මෙහෙයුමක් සිදුව පොලීසිය ආරම්භ කර ඇති බව සඳහන්.