Sunday, May 5, 2024

General line - 0115112241

විෂන් කෙයා සිය දෘෂ්ඨි විශේෂඥ සේවාවන් රැගෙන පානදුරට




ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී අක්ෂි රැකවරණ සමාගම වන විෂන් කෙයා නොබෝදා පානදුරයේ දී සිය නවතම ශාඛාව විවෘත කළේ ය. ජනකාන්ත නගරයක් වන පානදුර අවට පදිංචිකරුවන්ට විෂන් කෙයා අක්ෂි රැකවරණ නිපැයුම් හා සේවාවන් වෙත පහසු ප‍්‍රවේශයක් සලසා දීම සමාගමේ අරමුණ යි. විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා ප‍්‍රධාන විධායක නිලධාරි දසන්ත ෆොන්සේකා මහතා, පානදුර මූලික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය රන්මිණි සෙනෙවිරත්න මහත්මිය, පානදුර මූලික රෝහලේ උගුර, කන හා නාසය පිලිබඳ ශල්‍ය වෛද්‍ය ධම්ම ඞී. ජයසේකර මහතා සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය අරුණ ප‍්‍රනාන්දු මහතා ඇතුළු ගෞරවනීය පිරිසක් සහභාගි වූහ.

පානදුර ශාඛාව විවෘත කිරීමෙන් පසුව ගෞරවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විෂන් කෙයා සමාගමේ නවතම පෝලරොයිඞ් ඇස් කන්නාඩි මාලාව වෙළඳ පොළට නිකුත් කිරීම ද සිදු විය.


විෂන් කෙයා යනු ශ‍්‍රී ලංකාවේ දෘෂ්ඨි විශේෂඥ ක්ෂේත‍්‍රය තුළ සිදු වන තාක්ෂණික විප්ලවයේ පෙරමුණෙහි ම සිටින සමාගම යි. ඊට හේතු වී ඇත්තේ අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශනය, අක්ෂි පරීක්ෂාව, ඇස් කන්නාඩි හා අව් කන්නාඩි, සිවි කාච, ශ‍්‍රවණ ආධාරක උපකරණ හා ශ‍්‍රවණ පරීක්ෂාව යන අංශවල දී එය අත්පත් කර ගෙන තිබෙන උසස් තත්ත්වය යි. දැන් පානදුර පදිංචිකරුවන්ට උසස් තාක්ෂණික උපකරණ යොදා ගනිමින් අක්ෂි පරීක්ෂාවන් සිදු කොට සාධාරණ මිලකට ලොව සුපතළ සන්නාමවලට අයත් ඇස් කන්නාඩි, සිවි කාච, අව් කන්නාඩි හා වෙනත් දෘෂ්ඨි විශේෂඥ සේවාවන් වෘත්තීය පලපුරුදු දෘෂ්ඨි විශේෂඥයන්ගේ සේවය යටතේ සපුරා ගත හැක. විෂන් කෙයා නව ශාඛාව පානදුර මූලික රෝහල ඉදිරිපිට පිහිටා ඇති අතර 0382248088 දුරකථන අංකයෙන් ඇමතිය හැකි ය.