Friday, September 20, 2024

General line - 0115112241

අද සිට පෞද්ගලික බස් සුපුරුදු ධාවනයේ




රැකී රක්ෂා සඳහා පිටත්ව යන්නන්ගේ පහසුව සඳහා අවශ්‍යතරම් බස් රථ අද (19) ධාවනයට යොදවන බව ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ධාවන අංශයේ පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පැවසුවේ මෙයද සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් වූ විශේෂ ධාවන සැලැස්මේම කොටසක් බවයි. 

ඉකුත් දිනවලදී පෞද්ගලීක බස්රථ ධාවනය වූයේ සාපේක්ෂව අඩු ප‍්‍රමාණයක්. එහෙත් අද සිට සියලූ පෞද්ගලික බස් රථ ධාවයට යෙදවෙනු ඇතැයි විශ්වාසය පළ වනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේ ඊයේ දිනයේද සැළකිය යුතු පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවයට එක්ව තිබූ බවයි.

රැකී රක්ෂා වෙනුවෙන් පිටත්ව යන්නන් සඳහා දුම්රිය සේවාවන්ද අද අවශ්‍ය පරිදී ක‍්‍රියාක්මක කෙරෙනු ඇති. ඒ පිළිබද වැඩිදුරු කරුණු දැක්වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ යම තත්ත්වයක් මත මගීන් වැඩිපර සිටින ස්ථානයක් වේනම් එම ස්ථානයේ සිට විශේෂිත දුම්රියක් ධාවනය කරන්නට පියවර ගන්නා බවයි. මගී ජනතාවගේ ඉල්ලීම පරිදි එම කටයුතු සිදු වෙනු ඇති බවද සඳහන් කෙරුණා.