Friday, September 20, 2024

General line - 0115112241

තමන්ට එරෙහිව එන විශ්වාසභංගය ගැන සම්බන්ධන් කතා කරයි

හේමන්ත කහවලගේ




තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන්නේ ඔවුන් අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් සහය නොදීම නිසා බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

ඒ අනුව තමන්ට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව හුදෙක් දේශපාලනික අවශ්‍යතාවක් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ. 

විපක්ෂ නායකවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෝකයේ පළමු අවස්ථාවද මෙය විය හැකි බව ආර්. සම්බන්ධන් කියා සිටියා. කෙසේ වෙතත් ඊට මුහුණ දීමට තමන් සූදානම් බවයි ඔහු අවධාරණය කළේ. 

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමන් අග‍්‍රාමාත්‍යවරයාට සහය පල කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන්ට ඇති ප‍්‍රසාදය නිසා බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.