Friday, September 20, 2024

General line - 0115112241

මාර්ගයක් ජලයෙන් යටවේ - ආපදා සේවා ජනතාව දැනුවත් කරයි




පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරිම හේතුවෙන් මෙලෙස පුත්තලම එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවයි. 

එම ප්‍රදේශයේ පාලමට උඩින් අඩි 2 ක් පමණ උසට ජලය රැඳී පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. මෙම තත්ත්වය සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ජනතාව දැනුවත් කරන බවද නිවේදනය කළා.