Friday, September 20, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ දැමීම ජනපති සහ අගමැති අතට




ඉන්ධන මිල ඉහළ දැමීම හෝ නොදැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය බව විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. ඔහු කියා සිටියේ ඉන්ධන මිල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ අදාළ බලධාරීන් මේවන විටද සාකච්ඡා පවත්වා ඇති බවයි. 

අමාත්‍ය අර්ජුණ රණතුංග මෙම අදහස් පළ කළේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අද (19) පැවති උත්සවයකට එක්වෙමින්.