Friday, September 20, 2024

General line - 0115112241

එජාප ප්‍රතිසංවිධානය ගැන අද ගත් තීන්දුව මෙන්න

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර/ ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 30වනදාට පෙර අනිවාර්යයෙන්ම පත් කිරීමට අද (19) රැස්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජේසී අලවතුවල පැවසුවේ එම නිලධාරී මණ්ඩලය කවුදැයි අද තීරණය නොකළ බවය. ලබන සතිය තුළ ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය අමාතයවරයා පැවසුවේ.


එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධානය පිළිබඳ සිදු කරන මෙම සාකච්ඡාව අද ආරම්භ වූයේ පස්වරු 03.30ට පමණයි. එය පස්වරු 05.30 ට පමණ අවසන් වුණා. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ලබන 23වනදා යළි රැස්වීමට නියමිතයි.

මේ අතර අද පෙරවරුවේ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් මුණ ගැසුණා. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, අකිල විරාජ් කාරියවසම්, සජිත් පේ‍්‍රමදාස, ගයන්ත කරුණාතිලක ද එක්ව සිටියා. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා නියේජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රවී කරුණානායක හා අශෝක් පි‍්‍රයන්තද එක්ව සිටියා.