Friday, September 20, 2024

General line - 0115112241

මේ නීතිය ගෙනාවේ කූට වැඩකට - ත්‍රී රෝදරථ සංගමයක් කියයි (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




මගියාට බිල් පතක් නිකුත් කළ හැකි වන පරිදි මීටරයක් සවි කිරීම අද (20) සිට අනිවාර්යය කර ඇතත් තවමත් බොහෝ ති‍්‍ර රෝද රථ එම නීතිය අනුගමනය කරන අයුරු දක්නට ලැබෙන්නේ නැහැ. නෙත් නිවුස් අද උදෑසන කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී ද ඒ බව තහවුරු වුණා. 

නව නීතිය සම්බන්ධයෙන් ති‍්‍රරෝද සංගම් ද දක්වන්නේ දැඩි විරෝධයක්.  මෙවන් පහසුකම් ඇති මීටර් මෙරට වෙළඳ පොළෙහි නොමැති බවයි ත්‍රීරෝද රථ හිමියන් පවසන්නේ.

"මේක කූට වැඩක්. මුදල් වංචාවක් දේශපාලඥයින් සහ පොලිසිය මේකට සම්බන්ධයි. මේ මීටර්වලින් සංගම් සභාපතිවරුන්ට රුපියල් දාහක් යනවා. අපි මේවා සවි කරන්නෑ. නිසි ප්‍රමිතියකින් යුතු මීටරයක්  රජයට ඕනනම් රජය මැදිහත් වෙලා ලබා දෙන්න." යැයි  කා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පවසනවා.
 

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ බිල්පතක් නිකුත් නොකරන තී‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි කිරීමේ අවස්ථාවද පවතින බවයි. ඒ සඳහා 011 2 69 68 90 යන අංකයෙන් තොරතුරු ලබා දිය හැකි බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටියා.

තී‍්‍ර රෝද රථවලින් විවිද මිල ගණන් අය කිරිම හරහා ජනතාව පත්වන අපහසුතාව හේතුවෙනුයි මෙම නව නීතිය හඳුන්වා දී ඇත්තේ. 

කෙසේවෙතත් මෙම නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටියේ.
 

-------------------------

සහන කාලය අවසන් - ත්‍රිරෝද රථ මත පැනවෙන නව නීතිය අද සිට

20-04-2018 05:23

ති‍්‍ර රෝද රථ සඳහා අද (20) සිට නව නීතියක් හඳුන්වා දෙනවා. ඒ, මගියාට බිල් පතක් නිකුත් කළ හැකි වන පරිදි මීටරයක් සවි කිරීම අනිවාර්යය කරමින්.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ බිල්පතක් නිකුත් නොකරන තී‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි කිරීමේ අවස්ථාවද පවතින බවයි. ඒ සඳහා 011 2 69 68 90 යන අංකයෙන් තොරතුරු ලබා දිය හැකි බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටියා. තී‍්‍ර රෝද රථවලින් විවිධ මිල ගණන් අය කිරිම හරහා ජනතාව පත්වන අපහසුතාව හේතුවෙනුයි මෙම නව නීතිය හඳුන්වා දී ඇත්තේ. 

මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන පරිදි ති‍්‍ර රෝද රථ සඳහා මීටරයක් සවි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තී‍්‍ර රෝද රථ රියදුරන්ට මාස 06ක සහන කාලයක් ලබා දුන්නා. එම කාලය අවසන් වුණේ අපේ‍්‍රල් මස පළමුවනදායි. ඒ අනුව මගියාට බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යය වනු ඇති.