Friday, September 20, 2024

General line - 0115112241

ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට

තරංග රුක්ෂාන් ජයසේකර




ගතවූ පැය 24 තුලදී රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුද අයත්. ඔවුන් ජීවිතක්ෂයට පත්වූයේ මාරවිල, කොස්වත්ත, මීගහවෙල ප‍්‍රදේශයේ සිදුවූ යතුරු පැදි අනතුරකින්. 

පොලිස් සැරයන්වරයෙකු හා යුද හමුදා සෙබළෙක් එහිදී ජීවිතක්ෂයට පත්වුණා. මාරවිල සිදුවූ තවත් අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසුවා. ගෝමරන්කඩවල, අතුරුගිරිය, ආණමඩුව හා කොබෙයිගනේ යන ප‍්‍රදේශවල අනෙකුත් මාරක අනතුරු සිදුවුණා.