Friday, September 20, 2024

General line - 0115112241

රත්තොටදි දැරියක් පැහැර ගැනීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අශෝක එරමිණිගම්මන




මාතලේ රත්තොට බස් නැවතුම්පොල අසලදි දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා දැරිය පැහැර ගැනීම සදහා පැමිණ ඇත්තේ තී‍්‍රරෝද රථයකින්. දැරියගේ වයස අවුරුදු පහ හමාරක්.

පැහැර ගැනීමට තැත් කරන අවස්ථාවේ ඇය මව සමග සිට තිබෙනවා. මවගේ කෑගැසීමෙන් පසු අවට සිටි පිරිස් විසින් සැකකරු අල්ලා පොලීසියට භාරදී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. පවුලෙන් වෙන් වී සිටින දරුවාගේ පියා විසින් දැරිය පැහැර ගන්නා ලෙසට අදාළ සැකකරුට කොන්ත‍්‍රාත්තුවක් ලබාදී ඇති බවට සැක පළව තිබෙනවා.