Friday, January 10, 2025

General line - 0115112241

ආණ්ඩුවෙන් ගිය ශ්‍රීලනිප 16 පොහොට්ටුවට

කමල් සුරවීර - මහනුවර




ජාතික ආණ්ඩුව නියෝජනය කළ  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉන් ඉවත්වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අපේක්‍ෂාවෙන් බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ජාතික ආණ්ඩුව නියෝජනය කරන තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවරදී මාධ්‍යවේදීන් නැගූූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියාසිටියේ.