Friday, September 20, 2024

General line - 0115112241

කෝටි 100ක ජාතික අපරාධයක්! සජිත්ගෙන් හෙළිදරව්වක්




පාර්ලිමේන්තුව ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් කෝටි සියයක් මුදල් වෙන් කිරීමේ සූදානමක් ඇත්නම් එය ජාතික අපරාධයක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. උඩුදුම්බර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

"රටේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණයට කෝටි 100ක් වෙන් කිරීමද? ජනතාව ජීවත් කරවීමට කෝටි 100ක් වෙන් කිරීමද? මේ මුදල් වලින් රැකියා විරහිත අයට රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙලක්, නිවාස ඉඩම් නැති අයට සෙවනක් දෙන වැඩපිළිවෙලක්, වෙනත් කිසියම් හෝ ජනතා අවශ්‍යතා ඉටු කරන දේකට මේ මුදල යොදවන්න කියන එකයි මගේ යෝජනාව" යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

එම මුදල් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම වර්තමානයේ වඩා වැදගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.