Friday, September 20, 2024

General line - 0115112241

රිජ්වේ ආර්යා ළමා රෝහල් අද අලුයම ගින්නක්




බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ‍්‍රයේ පිහිටි කිරි අළෙවි සැලේ අද (21) අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සහ කොළඹ ගිනි නිවීම් ඒකකයේ සහාය ඇතිව ගින්න පැතිරයාම මැඩ පැවැත්වූ බවයි පොලීසිය පැවසුවේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද පොලීසිය සදහන් කළා. විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.