Friday, September 20, 2024

General line - 0115112241

තැපෑල සහ දුම්රිය ස්වාධීන ආයතන නොකරනු! වෘත්තීය සමිති අවි අමෝරයි

ඩිල්ෂාන් තුෂාර




තැපැල් දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන බවට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විරෝධය පළ කරනවා. කිසිදු එකගතාවකින් තොරව එම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බවයි එම වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

තැපැල් දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව තනි මතයට වෙනස් කිරිමට උත්සාහ දැරුව හොත් තැපැල් සහ දුම්රිය සේවකයින් ඒකාබද්ධ වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කරන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.