Friday, September 20, 2024

General line - 0115112241

කොට්ටාවේ රිය අනතුරෙන් යතුරුපැදිකරු මරුට (VIDEO)

බුද්ධික කුමාරසිරි




කොට්ටාව, මාකුඹුර ඉන්ධන පිරවුම් හල අසල අද (21) උදැසන 9 ට පමණ යතුරුපැදියක් හා ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කල 21 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබෙනවා. 

බොරැලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අතර සිය නිවසේ සිට රැකියා ස්ථානයට යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ගොදුරු වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

රිය අනතුර සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් සැකපිට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රිය අනතුරේ වීඩියෝ දර්ශණය පහතින්