Friday, September 20, 2024

General line - 0115112241

බේරුවල ප්‍රදීපාගාරය අසලදී මුහුදට අයියා-නගෝ බිළිවෙයි

දිනුක් හේවාවිතාරණ




බේරුවල ප්‍රදිපාගාරය නැරඹිමට පැමිණ එම දුපත අසල ගල් පර මත රැදීසිටියදී රළ පහරකට හසුව පුද්ගලයින් දෙදෙනෙක් මුහුදට ගසා ගෙන ගොස් තිබෙනවා. පසුව අසල පිහිටි බෝට්ටුවක ආධාරයෙන් එම දෙදෙනා බේරා ගෙන බේරුවල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

මියගිය දෙදෙනා එකම පවුලේ සහෝදරයා හා සහෝදරිය වනවා. කොළඹ සිට මෙම පිරිසට 11 දෙනෙක් අයත් වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය තරුණයා සහ තරුණිය පිළිවලින් අවුරුදු 27 හා 24 වියේ පසුවූවන් වෙයි.