Friday, September 20, 2024

General line - 0115112241

විස්ස ගැන ඒකාබද්ධ විපක්ෂයේ නිල මතය ලබන සතියේ

ලහිරු කපුගේ




පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබන අගහරුවාදා පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ජා කිරීමට නියමිත බව  ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එම රැස්වීමෙන් අනතුරුව විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පොදු මතය ප‍්‍රකාශ කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් ද සොයිසා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමකින් තොරව විධායක ජනාධිපති ධූරය පමණක් අහෝසි කිරීම සුදුසු නොවන ක‍්‍රියාවක් බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත්ද සොයිසා වැඩිදුරටත් පෙන්වා දුන්නා.