Friday, September 20, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලය මුහුදේදී ධිවරයින් 101 ක් අත්අඩංගුවට

සමන්ත කුමාර




ත‍්‍රිකුණාමල වරාය ආසන්න මුහුදේ නීති විරෝධි පන්න ක‍්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 101දෙනෙකු පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගෙන ඇතිබව නාවික හමුදාව පවසනවා. ඩිංගි යාත‍්‍රා 14ක් සුරුක්කු සහ ලයිලා දැල් 13ක් ඇතුළු ධීවර උපකරණ රැසක්ද සිය භාරයට ගෙන අති බවයි නාවික හමුදාව පැවසුවේ. 

මුහුදු සැතපුම් හතේ සීමාව තුළ මෙම දැල් වර්ග භාවිත කරමින් මසුන් ඇල්ලීම නීතියෙන් තහනම් කර තිබෙනවා. නැගෙනහිර මුදුදේ සුරුක්කු දැල් භාවිතය වැඩි වී ඇති බැවින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේද සහය ලබාගෙන එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති බවයි නාවික හමුදාව පවසුවේ. 

අත්අඩංගවට ගැනුනු ධීවරයන් සහ උපකරණ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත‍්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක වෙත අධිකරණ කටයුතු සදහා භාරදී තිබෙනවා.