Friday, September 20, 2024

General line - 0115112241

හිටපු ඇමති විජයදාස තනි එජාප ආණ්ඩුවක් ඉල්ලයි




එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල සහ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කළා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම යලි ගොඩනැගෙන ආකාරයෙන් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු බවයි.

 පසුගිය කාලේ සිදුවූ සිදුවීම් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට බෙදී ඇති නිසා ජනාධිපතිවරයාගේ සහයට සිටින්නේ ඇමතිවරුන් 15 දෙනෙක් පමණක් නම් කල යුතු හොදම දේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී මේ මොහොතේදී තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම වඩාත් සුදුසු බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා. 

ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව ෆීල්ඞ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාද මේ පිළිබද අදහස් පළ කරමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආකල්ප වෙනස් කර ගනිමින් ජනතාව අතරට යායුතු බවයි.